සිංහලේ දැනුම – පළමු පරිච්ඡේදය

මානව ශිෂ්ඨාචාරයේ ගලා යාම සිදුවී ඇත්තේ ශිෂ්ඨාචාරික ගැටුම් තුළිනි. මේ සෑම අවස්ථාවකදීම  එක් පාර්ශවයක්  නිර්මාණය කළ දැනුම් පද්ධතියක් තවත් පිරිසක් අතට ප්‍රේරණය වුනි. පසුව එහි මුල් ‘අයිතිකරුවන්’ ට වඩා හාත්පස වෙනස් කටයුත්තක් සඳහා ඔවුහු එකී දැනුම භාවිතා කළහ. දැනුම් නිර්මාණය බොහෝ ලෙස පරිසරයට සාපේක්ෂ සිදු වුනි. එලෙස පරිසරයට බද්ධව වර්ධනය වූ දැනුම් පද්ධතියක් මකා දැමීම පහසුවෙන් කළ නොහැකිය එසේම පරිසරයෙන් වියුක්ත දැනුම් පද්ධතියක් තුලින් මානව ප්‍රජාව ලබා ගන්නා ප්‍රයෝජනවල යතාවාදී බව කොතෙක් කලක් පවතීදැයි යන්න ප්‍රශ්නාර්තයකි. මෙරට දැනුම් පද්ධතිය හෙවත් සිංහල දැනුම වසර දහස් ගණනක ශිෂ්ඨාචාරික ආයෝජනයකි. සිංහල දැනුම් පද්ධතියත් සමග යාව ඇති විෂය මුලික උප දැනුම් කුලක රාශියකි. වැව. ගොවිතැන. ලෝහ ආදී කර්මාන්ත, ගද්‍ය පද්‍ය සාහිත්‍ය, වෙදකම, රාජ්‍ය පාලනය ආදිය මින් සමහරකි.  බටහර ජාතීන්ගේ ආගමනයත් සමග මෙරටට අනන්‍ය දැනුම් පද්ධතිය ක්‍රමිකව යටපත් වන්නට වුනි. එය මුලිකවම මෙරට රාජ්‍ය පාලනය කළ බටහිර ජාතින් සිංහල දැනුම් පද්ධතිය කෙරෙහි දැක්වූ විරෝධාකල්පය නිසාවෙනි.  මෙරට ජනයා ද ආණ්ඩු පාලන හිමි පාර්ශ්වය පෙන්වන මාර්ගයේ ගමන් කිරීමට උත්සහ කළහ. නමුත් මෙරට ස්වභාවික පරිසරයට මෙන්ම මානව සංකෘතික පරිසරයට ද  සංගත නොවන සංකල්ප අනුකාරක ලෙස වැළඳ ගැනීමේ ප්‍රතිපල අප අත්විදිමින් සිටි.

බොහෝ දෙනෙකුට අමතකව ඇති කරුණ නම් සමස්ත බටහිට දැනුම් පද්ධතියම පෙරදිග, මිසර සහ ප’සියන් දැනුමෙන් පෝෂණය වී ඇති බවයි. අප අද කතා කරනුයේ දාහතරවන සියවසේ යුරෝපයේ නැගෙනහිර කලාපයේ ඇතිවූ චින්තන විප්ලවය ගැනය. එය ක්‍රමයෙන් බටහිර පාර්ශ්වයට තල්ලුවී ගොස් කේන්ද්‍ර ගත වුනි. යුරෝපය වැනි ජෛවීය විවිධත්වය අඩු සෞමය කලාපිය දේශගුණික පරිසරයක් මෙන්ම විශාල භුමි ප්‍රදේශවලට අනුකුලව සහ එහි උවමනාවන් ට සරිලන ලෙස නිර්මාණ වූ දැනුම් පද්ධතියක් අප මෙන් ජෛවීය විවධත්වය අධික , හිරු ආලෝකය මුළු වසර පුරාම ලැබෙන කුඩා භුමි ප්‍රදේශයක ට ගලපා ගන්නේ කෙසේ ද ?. ප්‍රේරණය වූ දැනුමෙන් අපේ දැනුම් පද්ධතිය ගැලපෙන ලෙස පෝෂණය කර ගත යුතුව තිබු නමුත් අප සිදු කළේ සිංහල දැනුම් පද්ධතිය අත්හැර බටහිර බදා ගැනීම පමණි.  අද අප හමුවේ ඇති අභියෝගය වන්නේ ද අතීතකාමයෙන් තොරව අප අද මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් සෙවීමට සිංහල දැනුම් පද්ධතිය භාවිතා කිරීමය. වාර්ගිකව ඇති විභේදනයන් සඳහා ද සිංහල දැනුම මුලික කරගත් ජාතිකත්වයක් ගොඩ නගන්නට අප උත්සහ කළ යුතුවේ.

‘සිංහලේ දැනුම’ අධ්‍යාපනික වැඩසටහන් මාලාව එකී අරමුණු මුදුන්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් දියත් කරන ලද්දකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *