ආර්ථික / දේශපාලන විග්‍රහය – 2023 වසර සදහා පෙරවදනක් -ආචාර්‍ය රූපානන්ද විදානගේ

2023 ලංකා ආර්ථිකයට අතිශය අවදානම්කාරී වසරක් වනවග ස්වාධීන ආර්ථික විශේෂඥයන්  විසින් පෙන්වාදී ඇත. ලියුම්කරු කාලයක් තිස්සේ පෙන්වාදෙන පරිදි පූර්ණ ව්‍යුහාත්මක වෙනසකට නොගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේණය ප්‍රති ව්‍යුහගතකරණයටයා නොහැකි ය. එය ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලියුම්කරු දකින්නේ නැත. මහබැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවයමින් පාලිතනම්‍ය විනිමය අනුපාතිකයක් හා ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගනිමින් යයි. මෙමගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය කොට උද්ධමනය පහළදමා ආර්ථික ස්ථායීකරණය කිරීමට අපේක්ෂා කරනඅතර මේ වනතෙක් සාර්ථක ප්‍රතිඵල පෙන්වා නැත. රජය ඉදිරිපත් කරන 52% උද්ධමන අගය ලියුම්කරු නොපිළිගන්නා අතර, සාමාන්‍ය උද්ධමනය මෙන්ම ආහාර උද්ධමනය 100% ඉක්මවා ඇති බව ලියුම්කරුගේ මතයයි. ව්‍යුහාත්මක උද්ධමනයක් වූ ලංකාවේ උද්ධමනය ( ආයාතකළ උද්ධමනය ) මෙවැනි මූල්‍යාවාදී ක්‍රියාර්ගතුළින් පාලනය කළ නො හැකිය. මෙම සමස්ත ආර්ථික අර්බුදයේ මූලහේතුව ජාතික අභිලාෂයන් පාවාදෙමින් දේශීය නිෂ්පාදන ආර්ථිකය විනාශකරමින්, පුද්ගලකණ්ඩායම් වලට හා බහුජාතික සමාගම් වලට රට සතු සම්පත් කොල්ලකෑමට ඉඩදෙමින්, ණය මත ගොඩ නංවන ලද නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි.

උද්ධමනය පාලනය කළහැක්කේ යෝධ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් නිෂ්පාදනය ඉහළ නංවා ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීමත්, ආනයන ආදේශන නිෂ්පාදන දිරිගන්වා ආනයන අධෛර්යමත් කිරීමෙනි. ආහාර මිල ගණන්, අනෙකුත් භාණ්ඩ මිල ගණන් සහ පොලී අනුපාතික ගෝලීයව ඉහළය නතත්වයක් තුළ දේශීය ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගතහැක්කේ මෙවැනි ව්‍යුහාත්මක වෙනස්කම් තුළය. පොලී අනුපාතිකය ලංකාව වැනි අපුර්ණ මූල්‍ය හා ප්‍රාග්ධන වෙළද  පොළක් පවතින ආර්ථිකයක ආර්ථික ස්ථායීකරණය ගෙන ඒමට කරන දායකත්වය අල්පය. මෙම ආර්ථික අර්බුදය විසඳීමේදී මහබැංකුව ස්වාධීන ආයතනයක් කිරීමත් (ජාත්‍යන්තර මූල‍ය ආයතන මත රඳා පැවත්ම අහෝසි කළයුතුය) මහබැංකු නිලධාරීන් ගැටලු විසඳියහැකි නිර්මාණශීලී පුද්ගලයන්වීමත් අවශ්‍ය ය. ජනතාව ක්‍රියාත්මකවී ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම ටරට ආහාරවලින් ස්වයංපෝෂිත කළයුතුය. මෙම ප්‍රශ්නය විසඳීමට කළයුත්තේ පොලී අනුපාත පහළදමා සමස්ත ඉල්ලුම උද්දීපනය කිරීමය. රටින් බැහැරට විදේශ විනිමය ගලායන 2017 විදේශ විනිමය පනත අහෝසි කළ යුතුය. මෙය නොකොට විදේශ විනිමය ප්‍රශ්නය විසඳිය නොහැකිය. පොලී අනුපාතික පහළ දමන ලෙසටත්, 2017 විදේශ විනිමය පනත සංශෝධනය කරන ලෙසත්, ජවිපෙ, 43 සේනාංකය, ජාතිකවාදීන් ඇතුළු ප්‍රගතිශීලී බලවේග මෙම තක්කඩි රජයට බල කළ යුතුය.

ලිබරල් ඹස්තාර්ලා මාධ්‍ය හරහා ප්‍රචාරයකරන චිකාගෝ ගුරුකුලයේ මූල්‍යවාදී විශ්ලේණය තුළින් ලංකාවේ උද්ධමනය පැහැදිලිකළ නොහැකි බවත් ලංකාවේ වර්තමාන උද්ධමනය ව්‍යුහාත්මක උද්ධමනයක්, ආයත කළ උද්ධමනයක් බවත් එය ලංකාවේ දත්ත යොදාගනිමින් කළ ආර්ථික මිතික (ඉකොනොමෙක්ට්‍රික්) අධ්‍යනයන් තුළින් තහවුරු කොට ඇති වගත් මහබැංකුවේ ඹස්තාර්ලා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට උපදෙස් දෙන ඊනියා විශේෂඥයන් ඇතුළු ලිබරල් ඔස්තාර්ලාට මතක්කිරීමට කැමැත්තෙමි. එසේ ම මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ලිබරල් ඹස්තාර්ලා කියන ආකාරයට සමස්ත ඉල්ලුම පහළදමා මෙරට ව්‍යාපාරික පන්තිය, සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බිමට සමතලා කිරීමෙන් නොවේ. 2023 අප්‍රේල් වන විට පහළ මධ්‍යම පංතිය ද අගෝස්තු වනවිට ඉහළ මධ්‍යම පන්තියටද උන්හිටිතැන් නැති තත්වයට පත්වනු ඇත. එනිසා පොලී අනුපාතය පහත හෙළා සමස්ත ඉල්ලුම ඉහළ නැංවීමත් දේශීය නිමැවුම් ඉහළ නැංවීමට ඇති බාධක ඉවත්කළ යුතුය. අපනයන දිරිගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුය.

මෙම අර්බුදය 1977 සිට ක්‍රියාත්මකවන එජාපෙ, සජබෙ, වර්තමාන පොහොට්ටුවේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය.මහින්දගේ වසර 9ක ස්වයංක්‍රීය බැදුම්කරණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.9 වන අතර, යහපාලනයේ ස්වයංක්‍රීය බැඳුම්කර ඩොලර් බිලියන 12කි. ගෝඨාභය රජය වසර දෙකක කාලය තුළ ස්වයංක්‍රීය බැඳුම්කරවලින් ණයලබාගෙන නැත. රට බංකොලොත්බව ප්‍රකාශකිරීමට පෙළඹවූයේ ඩයස්පෝරා ඩොලර්මත සහ එන්.ජී.ඹ්. ඩොලර්මත යැපෙන ලිබරල් ඹස්තාර්ලාය. මෙරට ඇති ඊනියා ආර්ථික පර්යේෂණ ආයතන හා නල්ලමලේ මහ බැංකුවේ අරමුණ රට බංකොලොත්භාවයට පත් කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාතික සම්පත් විකිණීම ඇතුළු නව ලිබරල් වැඩසටහනකරා ගෙන යාමය. එනිසා මහබැංකුවත් මහාභාණ්ඩාගාරයත් දේශපාලකයනුත් සිය තීරණවලට වගකියන නීතිපද්ධතියක් ඇතිකළ යුතුය.

මෙරට තානාපති සේවාවල සිටින සාජන්ට් නල්ලතම්බිලා අයින් කොට සැබෑ රාජ්‍යතාන්ත්‍රිකයන් තනතුරුවලට පත් කොට මිත්‍රශීලී රටවල් “බ්‍රික්ස්”, “ඒසියාන්”, වැනි සංවිධාන හරහා මෙම ණය අර්බුදයෙන් මිදියහැකිද යන්න සලකා බැලිය යුතුය. ජාත්ත‍යන්තර ආර්ථික විද්‍යාවත්, නුතන භූ දේශපාලනචර්‍යාවත්, පිළිබඳදැනීමත්, රාජ්‍ය ප්‍රතිපත්තිවිශ්ලේණය පිළිබඳ නිපුණතාත් ඇති, ජාතික අභිලාෂයන් වෙනුවෙන් හිටගත හැකි රාජ්‍යතාන්ත්‍රිකයන් පත්කිරීමෙන් මෙම ප්‍රශ්නයට සුළු හෝ විසඳුමක් ලබාගතහැකිය යනු ලියුම්කරුගේ අදහසයි. අද ආර්ථිකයමේ මට්ටමින් දුවන්නේ ණය නොගෙවීමත් කිව් ආර් කෝඩ් එකත් නිසාය. නැතුව මහබැංකුවේ මැජික් එකකට නොවේ. මැතිවරණයකින් බලයටපත්වන ඕනෑම රජයකට නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලින් බැහැර වී ජාතික අභිලාෂයන් මත තිරසාර සංවර්ධන මාවතක් (ආර්ථික කාර්‍යක්‍ෂමතාවය, සමාජ සාධාරණත්වය, පාරිසරික තිරසාරභාවය) ඹස්සේ ආර්ථිකය මෙහෙයවීමට සිදුවේ. අවුරුදු 45 ක් පුරා මෙම රට අගාධයට ඇදදැමූ එජාපෙ, සජබෙ හෝ වර්තමාන පොහොට්ටුවටත් මේ සඳහා විසදුම්නැත.

2022 වූ කලී ලංකා දේශපාලන-ආර්ථික ඉතිහාසයේ සුවිශේෂ වසරකි. එනම් 69 ලක්‍ෂයක ජනවරමින් පත්වූ ජනාධිපතිවරයෙක් ආර්ථික හා සමාජ පීඩනයෙන් හෙම්බත්වූ ජනතාව විසින් ගෙදර යැවීමය. මෙම ප්‍රකාශය අරගලය උත්කර්‍ෂයට නැංවීමට හෝ යටත්විජිත, නව යටත්විජිත ක්‍රියාකාරකම්වලට එරෙහිව පැනනැඟි ජාතික සටන්, ජාතික ව්‍යාපාර අවතක්සේරු කිරීමකට නොවේ. එසේ ම නව යටත්විජිතවාදය, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නිසා පැන නැඟුණ සේවා වියුක්තිය, දිළිඳු බව, ආදායම් ව්‍යාප්ති විෂමතාවට එරෙහිව පැන නැඟුණ 1971, 88-89 සුළු කොට තැකීමක් නොවේ. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හා ව්‍යුහාත්මක ගැළපුම්කරණ වැඩසටහන් නිසා ලාංකික ග්‍රාමීය සමාජයේ දිළිඳු බව, සේවා වියුක්තිය, ආදායම් ව්‍යාප්ති විෂමතාවය, ග්‍රාමීය කෘෂි අංශය හා කර්මාන්ත පද්ධතිය බිඳවැටීම පිළිබඳ පර්‍යේෂණ කිරීමට සහ පර්යේෂණ ලිපි පළකිරීමට ලියුම්කරු පටන් ගත්තේ 2000 දශකයේ මුල්භාගයේ දී ය. උක්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්වහා සූක්‍ෂ්ම අංශ දෙකේ ම අතිශය අසතුටුදායක ප්‍රතිඵල ඇතිකර ඇති බවත්, එම ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් ඇතිවූ සමාජ අසාධාරණය ආමන්ත්‍රණය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් ඉදිපත් නොවන්නේ නම් සුවිශාල සමාජ අසහනයක් පැතිරයා හැකි බව ලියුම්කරු පෙන්වාදී ඇත. ලාංකික සමාජය අද අත්විඳිමින් සිටින්නේ එකී දිළිඳු බව, ආදායම් ව්‍යාප්ති අසමානතාව, සේවා වියුක්තිය මුලිනුපුටාදැමීමටඅවශ්‍ය ක්‍රියාමාර්ග නො ගැනීමෙන් ජාතික අභිලාෂයන් මත පිහිටා භූ දේශපාලනික ප්‍රශ්න නොවිසඳීමේත් ශෝචනීය ප්‍රතිඵලවලටය. මෙම ගැටලු ආමන්ත්‍රණය කිරීමෙන් තොරව ආර්ථිකය බාහිරට විවෘත කළයුතුයයිද ජාත්‍යන්තර සැපයුම් ජාලවලට සම්බන්ධ කළයුතුයයිද බහුජාතික සමාගම් වලට ඉඩම් හා රට සතු ජාතික දේපොළ විකිණිය යුතුයයි කියන ඔස්තාර්ලා එක්කෝ කිසියම් මානසික ආබාධවලින් පෙළෙන්නෝ ය. නැතහොත් වංචනිකයෝ ය.

මහ බැංකුව පට්ට කෙබර කෙලිමින් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක ගැලපුම්කරණ වැඩසටහන කරා ලංකාව ඇදගෙන යාමය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 50% ණය කපාහැරීමට හා අවම වශයෙන් අවු 10 ණය සහන කාලයකට එකඟ නොවන්නේ නම් (ණයහිමියන් කැමැති කරවා නොගන්නේ නම් ලෝක ආර්ථික අවපාතය හමුවේ දකුණේ රටවල් වෙළදාම හා ආයෝජනය පිළිබඳ වෙනම කුඩයක් යටටකැඳවීමෙන් මෙය කළහැකිබව ලියුම්කරු ගේ අදහසයි. මෙවන් නිර්මාණශීලී වැඩපිළිවෙළවල් වෙත එළැඹීමට ලංකාවේ අනුකාරක උගතුන්ට හැකියාවක් ඇද්ද යන්න සැක සහිතය ) ලංකාවට අත්වන්නේ මූල්‍ය අරමුදල සමග ගිය ආජන්ටිනාවට, ග්‍රීසියට, වෙනිසියුලාට අත්වූ ඉරණමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහඅපේ බටහිර රේඛීය අනුකාරක චින්තනය තුළින් එළියට ආ නොහැකි ආර්ථික ඔස්තාර්ලා කටපාඩමින් කියන පුළුල්වන අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, කාලගුණික විපර්‍යයාසය නිසා ගොඩ නැගෙන ආහාර මිලගණන් ඉහළයාම ලංකා ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලුවේ ප්‍රතිඵලය. ව්‍යුහාත්මක ගැටලුවනම් යටත්විජිතකරණය / නව යටත්විජිකරණය මගින් ගොඩනගා ඇති පරාධීන දේශපාලන, ආර්ථික, සමාජ ව්‍යුහයය. මෙය වෙනස් කිරීමට ජාත්‍යන්තර / ජාතිකතලයේ ප්‍රශ්නවලදී ක්‍රමෝපායී (ස්ට්‍රැටර්ජික්) චින්තනයකින් හෙබි ජාතිකවාදී බුද්ධිමතුන් / දේශලකයන් සමූහයක් අවශ්‍ය ය.

එහි දී අනුගමනය කළයුතු වැඩසටහන පිළිබඳ දළඅදහසක් දේශප්‍රේමී ජාතික පෙරමුණ මගින් ඉදිරිපත් කළ ජාතික සම්මුතිය වැඩසටහන තුළ අප ඉදිරිපත් කර ඇත. වර්තමාන ආර්ථික අර්බුදයට විසදුම් ඇත්තේ එවැනි තිරසාර සංවර්ධන ආකෘතියක් තුළය. මෙරට ජනතාව එන්.ජී.ඹ්. ඩොලර් මත යැපෙන ඊනියා ඔස්තාර්ලාට යට නොවී දේශපාලන, ආර්ථික, සමාජ ස්වාධීනත්වය ලබාගැනීමට ජාතික වූ ව්‍ය‍පාරයක්ගොඩ නඟා ගන්නේ නම්,රටට දෙවි පිහිට ප්‍රාර්ථනා කරනවා හැරෙන්නට වෙන විකල්පයක් නැත. මෙරට විශ්වවිද්‍යාල වලින් බිහිවූ මෙරට සමාජ ආර්ථික ප්‍රශ්න මැනැවින් හඳුනාගත් ශිෂ්‍ය දේශපාලනයේ නිරත වූ සුවිශේෂ දක්‍ෂතාවලින් හෙබි පිරිසක් මේ තක්කඩි ක්‍රමය යටතේ අවස්ථා අහිමිව අතරමංව ඇත. එවැනි කණ්ඩායමක් මෙරට පාලනය කිරීම තමන් වෙත ලබාගැනීමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළයුතු බව ලියුම්කරුගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *