පෙරවැරදි තවමත් කරන ලංකා ආර්ථිකයේ විසඳුම් මාවත – ආචාර්ය දේශප්‍රිය ද සිල්වා

ලංකාවෙ ආර්ථික අර්බුදයට විසඳුම ආර්ථිකවිද්‍යාව තුළින් පමණක් සෙවීමට නොහැක, මන්ද ඕනෑම රටක සාමාජිය ආර්ථික සහ දේශපාලන සාධක අන්‍යොන්‍ය  වශයෙන් පරායත්ත (එකිනෙකට බලපාන) කරුණු බැවිනි.

ඒ කෙසේවෙතත් අපේරටේ ආර්ථිකය පුපුරාගොස් අර්බුදයක් ලෙස මිනිස්සුන්ට දැනෙන්න ගන්නෙ ගෝඨාභය පාලනකාලය තුළ පැවති කළමනාකරණ දුර්වලතා නිසාය. නමුත් ආර්ථික අර්බුදය දියයට ඇති අයිස්කුට්ටියක් මෙන් එහි ගොස් හැපෙනතුරු මිනිසුන්ට නොපෙනී පැවතුනි.  වර්තමාන ආර්ථක අර්බුදය ඉස්මතුවන්නේ  ණය ආපසුගෙවීමට සහ අත්‍යාවශ්‍ය ද්‍රවය ආනයනයට අවශ්‍ය විදේශවිනිමය නොමැති නිසාය. වර්තමාන අර්බුදයේ  ප්‍රධාන ප්‍රශ්නය ප්‍රමාණවත් විදේශවිනිමය නොමැතිකම වනඅතර අප වැඩිපුර බර තැබිය යුත්තේ විදේශවිනිමය සඳහා ය. විනිමය ඉපයීම් සහ විනිමය ඉතිරිකිරීම්වලට මුල්තැන දියයුතුය.  රුපියල් පිළිබඳ ප්‍රශ්නය නොමනා රාජය මුල්‍යකළමනාකරණය සහ නොමනා රාජ්‍යආයතන කළමනාකරණය නිසා ඇති වූ තත්වයකි. එය රටතුළ විසඳා  ගතහැකි අතර රුපියල් සහ විනිමය අර්බුද ප්‍රශ්න දෙකක් ලෙස ගෙන විසඳුම් සෙවියයුතු අතර එකක් ලෙස නොගත යුතුයි.

රුපියල් වලින් ඇතිවී තිබෙන ආර්ථක ගැටළුව වන්නේ රාජ්‍යයේ පාඩුලබන රාජ්‍ය අයතනටික,සුබසාදන වියදම් සහ රජයේ පරිපාලන වියදම්  රුපියල් වියදම් ටික ගෙවාගැනීමට නොහැකිතත්වයකට රජය පත්වීමය. රුපියල් හෝ  දේශිය මුදල් රජයට නැතිවීම යනු රජයේ මුල්‍යකළමනාකරණයේ දුර්වලතාවකි.  මීට විසඳුම ලෙස වර්තමාන ආණ්ඩුවද රාජ්‍ය දේපොළ විකිණීම තුළින් ලැබෙන මුදලින් තාවකාලික තෘප්තියක් ලබාගැනීමට එහා ජනතාවට ලබාදීමට කටයුතුකරනු ඇත. ඒ වාගේම ආර්ථකය ගැන උපදෙස් දෙන සමහර ආයතන කියාසිටිනුයේ රාජ්‍ය  දේපොළ විකිණියයුතු බවත් රජය ව්‍යාපාර වලින් අයින්වී රාජ්‍යප රිපාලනය පමණක් කළයුතු බවය. මේ පිළිබඳ ලිබරල්වාදින්ට දෙන්න තියෙන හොදම උදාහරණය චීනයයි.  2019දී චීනයේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 60%කට වඩා වැඩිප්‍රමාණයක් රජයසතු ව්‍යවසායන් (ව්‍යාපාර)  වන අතර 2020දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන15.97 ක් (යුවාන් ට්‍රිලියන 101.36 ක්) එනම්  40%ක් ජනනයකළේ රජයසතු ව්‍යාපාරයි.

 රටේ පාඩුලබන රාජ්‍යආයතන විකිණීම වෙනුවට කළමනාකරණ වෙනසක් හඳුන්වා දී (Change Management) රාජ්‍ය ආයතන රාජ්‍ය වියදමෙන් නොයැපෙනලෙස ස්වාධීන කළයුතුය. දැනටත් ලාබ රාජ්‍ය සමාගම් විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවකි.
විදේශවිනිමය නොමැතිවීම යනු දිගු  කාලීන ආර්ථික ප්‍රතිපත්තිවල දේශපාලන සමාජසාධක පිරිහීම හෙතුවෙන් උද්ගත වූ තත්වයක් වශයෙන් හඳුනාගත හැකි ය.  විදේශවිනිමය ඉපැයීම සඳහා කෙටි කාලීන මෙන්ම දිගු  කාලීන ක්‍රියාමර්ග සැලසුම්වලටද යායුතුය.

පහුගිය දශක දෙක තුළ ලංකාවේ අයවැය දිහා හරියට බලන  කෙනකුට ආර්ථික අර්බුදයක් අනිවාර්ය බව ලෙහෙසියෙන්ම පුරෝකථනය කළ හැකිව තිබුණි.   පසුගිය දශකදෙක තුළ යහපාලන පාලනය සහ ඉන්පෙර පැවැති පොදු  පෙරමුණු පාලනය අවිධිමත්ලෙස රාජ්‍ය මුල්‍ය හසුරවනලදි.

යහපාලන කාලය තුළ රජයට නඩත්තුවීමට නොහැකි කියා රාජ්‍ය දේපොළ විකුණාදැමිය යුතුයැයි 2017  දී හම්බන්තොට වරාය ඩොලර් බිලියන1.12 වැනි ගණනකට විකුණාදමද්දී 2017 විදේශවල රැකියාකර ලංකාවට එවා තියෙනවා ඩොලර් බිලියන7.1ක් (worker’s Remittance )

2017 සහ 2016 දීත් ඩොලර් බිලියන 7.2 ක්, 2015 දී ඩොලර් බිලියන 6.9 ක්,  2015 ඉඳලා 2017 වෙද්දි අවුරුදු තුනට විදෙශ රටවල රැකියා කරන අපේ  මිනිස්සු ඩොලර් බිලියන 21ක් එවලා තියෙනවා ඒ කියන්නේ හම්බන්තොට වරායවගේ  වරායවල් විස්සක් ගන්න සල්ලි. ඒ වගේම විදේශ සංචාරකයන් නිසා 2017දී අපට ඩොලර් බිලියන 3.9ක් හම්බ වෙනවා, පෙර අවුරදුවලත් ඒ වගේ. ඒ කියන්නෙ 2017 දි වියදමක් නොකර රටට හම්බ වෙලා තියෙනවා 7.1+3.9 = ඩොලර් බිලියන11 ක්. ඒ හම්බ වෙලා තියෙද්දිත් තමයි තවත්ඩොලර් බිලියන 1.1 වැනි සුලුමුදලකට මේ වරාය විකුණන්නෙ. මේ පාලනතන්ත්‍රයෙ ඇති මුල්‍ය කළමනාකරණ නොහැකියාව සහ වංචා නිසා මිනිසුන්ව නොමඟයවන දේශපාලන පක්ෂ නිසා විය හැකියි.  2017දි අපනයන ආදයම ඩොලර් බිලියන 11.4ක් වෙද්දි ආනයනසඳහා සීමා පාලන නොමැති වියදම් කිරීමෙන්  ඩොලර් බිලියන 26 ක් කාබාසිනියා කරන්නෙ, අතට හම්බ වෙන හැම සතේම වියදම් කරලා ණයටත් අරන් වියදම් කරලා ගෙදර මිනිසුත් අමාරුවෙදාන අවලමෙක් ආකාරයටයි. හැබයි අදවනතුරුත් මේ නොමනා මුල්‍යකළමනාකරණය  දක්නට ලැබීම කනගාටුවට කරුණකි.

අපේ රටේ වර්තමානයට පැලැස්තර දමමින් එදාවේල හරිගස්සගෙනයන රටාවක් මුළු රටේ සහ බහුතරජනතාවගේ දැක්ම වී අවසන්ය. ඒ කියන්නේ අපි එදා වේල හරිගස්සාගැනීමට ආර්ථික අර්බුදයට විසඳුම් සොයනවා මිසක් දීගුකාලීන ආර්ථක ස්ථායිතාවක් ළඟා කරගැනීමට කටයුතු නොකිරීම ඉස්මතු කරන්නේ ද, එදා වේල ලෙස කෙටිමාර්ග සෙවීම සමාජයේ කිඳාබැහැපු චාර්යාවකි. වර්තමාන ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙටිකාලීන නොහොත් එදා වේල විසඳුම්ය. පසුගිය දශක පහක් පමණ අපි මෙලෙස දිගුකාලීන සැලසුම් නැතුව එදා වේල හොයාගෙන අද ආර්ථික වශයෙන් හිඟන්නන් බවට පත්වී ඇත.

බරපතල කාරණය වන්නේ මේ කෙටිකාලීන (Approach) පිවිසුම ආර්ථික අර්බුදයට පිළියම් තාවකාලිකව පමණක් ළඟාකරගත හැකි අතර තවතවත් ආර්ථිකව අගාධයකට ඇදදමමින් පවතී.

වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම සෙවීම කළ හැක්කේ සහ විසඳුම් සෙවීමේ ප්‍රථම පියවර වියයුත්තේ, ආර්ථික අර්බුදයට හේතු භූත වූ කාරණා ටික පැහැදිලි කරගැනීමය. එසේ වර්තමාන ආර්ථික අර්බුදයට හේතු භූත වූ කාරණා පිළිබඳව මාධ්‍ය සහ දෙශපාලකයන් විසින් දරන අවිධිමත් මත නොහොත් බැලූබැල්මට ඇත්ත ලෙස හිතෙන මත සාමාජගතකරමින් සිටීම තවතවත් ආර්ථික අර්බුදයේ සැබෑ හේතු සොයාගැනීමට බාධාවකි.

රාජ්‍යමුල්‍යකාරණාවලට හෝ මොන කරුණු කාරණාවලට විසඳුම් සෙව්වත් අපි අනාගතයේ ඇතිවන ප්‍රශ්න කල්තියා හඳුනාගෙන ඒ සඳහා ප්‍රශ්න පැන නොනගිනසේ කල්තියා ක්‍රියාමාර්ග ගතයුතුයි.  උදා:  අපි ඉදිරි අවුරුදු කිහිපය තුළ මුහුණදෙන තවත්බරපතල ගැටලුවක් ඇත. ඕනෑම සමාජයක පැවැත්ම (Surviving)  කියන දේ මූලික වනඅතර ප්‍රධාන වන්නේ අහාරය.  WTF පවසන පරිදි ලංකාවේ දළවශයෙන් පවුල් 32% ක් අහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙයි.https://peoplesdispatch.org/2022/11/11/un-warns-of-increasing-food-insecurity-in-sri-lanka/
WTF මොනවා  කිව්වත් අපිත් අත්විඳිනවා ගොඩක් මිනිස්සු හරියට අහාරවේලක් ලබාගන්න බැරුව දුක්විඳිනවා ඒක ප්‍රත්‍යක්ෂකරුණක්. මේ වර්තමාන ආර්ථික අර්බුදයත් සමග 2021 සහ 2022 වර්ෂ අතරතුර දරිද්‍රතාව 25%කින් ඉහළයායුතුව තිබූබවත් 2023 සහ 2024 වනවිට තවතවත් දරිද්‍රතාව වැඩිවන බවත්  ලෝක බැංකුවේ 2022 අගෝස්තු මාසයේ “Poverty & Equity Brief” සඳහන් කර ඇති අතර එය සාමාන්‍ය ජනතාවට ද පෙනීයන කරුණකි.

https://databankfiles.worldbank.org/data/download/poverty/987B9C90-CB9F-4D93-AE8C-750588BF00QA/current/Global_POVEQ_LKA.pdf
දරිද්‍රතාව වැඩිවන රටේ අහාර අනාරක්ෂිතතාව ද වැඩිවන අතර එය රටේ ආර්ථික සමාජීය පසුබිම තවතවත් පරිහානියට ගෙනයන සාධකයක් වනු ඇත. එබැවින් දැන් අපි මුල්තැනදිය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ රටේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීමට අවශ්‍ය පදනම දැමීමටයි.

ඒ සඳහා ඉතා ඉක්මනින් සමාජය ජනතාව සුදානම් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. අපේ  රටට ගැළපෙන කළමනාකරණ ආර්ථික දේශපාලන සමාජපතිපත්ති සැලසුම් සමග ජාතික වැඩපිළිවෙළ දේශප්‍රේමි  ජාතික පෙරමුණ සමග අපි ගොඩනගන අතර,  පක්ෂ, පාට අතහැර ජාතික වැඩපිළිවෙළ සමඟ එකතුවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *