විශේෂ මාධ්‍ය නිවේදනය – දේශප්‍රේමී ජාතික පෙරමුණ

මාධ්‍ය නිවේදනය

පසුගිය දින එනම් 2022.05.09 දින අග‍්‍රාමාත්‍ය නිල නිවස වූ අරලිය ගහ මන්දිරය වෙත කැවනු ලැබූ පොදුජන එක්සත් පෙරමුණේ ක‍්‍රියාකාරීන් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති “මයිනාගෝගම” සහ ගාලූ මුවදොර පිටියේ පැවති “ගෝඨාගෝගම” යන සාමකාමී උද්ඝෝෂණයන් වෙත එල්ලකරන ලද ම්ලේජ්ච හා නින්දිත මැර ප‍්‍රහාරය, සාමය අගයන දේශපාලන ව්‍යාපාරයක් වන දේශපේ‍්‍රමි ජාතික පෙරමුණ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිනු ලබයි.   

මෙරට ආර්ථිකය දිනෙන් දින විනාශය කරා ගමන් කිරීමට ඉඩසලස්වන ලද ජනපීඩක ආණ්ඩුවට එරෙහිව මෙරට ජනතාව විසින් ක‍්‍රියාත්මක කළ සාමකාමි විරෝධතාවට මසක් සපිරෙන අවස්ථාවේදී එකී විරෝධතාවට විසදුම් ලබාදෙනවා වෙනුවට තමන්ගේ දේශපාලන සහචරයන්් යොදවා එය කඩාකප්පල් කිරීමේ අරමුණින් යුක්තව හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ගන්නා ලද නින්දිත උත්සාහය ඉතාම පිළිකුල් සහගතය. තමන්ගේ දේශපාලන සහචරයන් තමන්ගේ බලලෝභී අරමුණ වෙනුවෙන් අරලියගහ මන්දිරය වෙත කැඳවා ඔවුනට කෑමබීම විශේෂයෙන් මත්පැන් සපයා දී ඔවුන්ගේ මනස විකෘති කොට ඔවුන්ව සාමකාමි අරගල ස්ථාන වෙත මුදා හැරීම, අබ ඇටයක හෝ මොලයක් ඇති දේශපාලකයකු විසින් සිදු නොකරන ක‍්‍රියාවකි.

එසේම ප‍්‍රහාරයෙන් කුපිතව ප‍්‍රතිප‍්‍රහාර මුවාවෙන් සිදුකරන දේපළ හානි හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ද අපි කිසිසේත්ම අනුමත නොකරමුු. එසේම සාමකාමි උද්ගෝෂකයන්ට එල්ලකළ ම්ලේඡ්ච ප‍්‍රහාරයෙන් කුපිතව පුපුරාගිය ජනතාවගේ පීඩනයෙන් සිදුවූ දේපළ හා වාහන හානිය අප කිසිසේත් අනුමත නොකරන අතරම එකී විනාශයන්ගේ වගකීම ඍජුවම හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සනත් නිශාන්ත ඇතුලූ අමනෝඥ දේශපාලනඥයන් විසින් දැරිය යුතුය.

සාමකාමි උද්ඝෝ්ෂණයට පහර දීම පිණිස තම දේශපාලන සහචරයන්් මෙහෙයවන ලද හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සනත් නිශාන්ත ඇතුලූ එකී විනාශයන්ට සෘජුවම සහභාගී වෙමින් තම පිරිස් කුපිත කරවන ආකාරයෙන් උසිගැන්වූ පොදුජන එක්සත් පෙරමුණේ සියලූම දේශපාලඥයින් සහ රටතුල මේ මොහොත වනවිට සිදුවී ඇති මේ සා විශාල අපරාධය සම්බන්ධයෙන් ඊට ආධාර හා අනුබලදුන් සියළු දෙනා අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරිය ඉදිරිපත් කිරීම විමර්ශකයන්ගේ වගකීම බව අපි අවධාරණය කරමු.

ජනතාව මේ මොහොතේ තවදුරටත් ප‍්‍රචණ්ඩකාරී වුවහොත් අප මුහුනදෙන ආර්ථික අර්බුදය තව තවත් උග‍්‍ර වනවා මෙන්ම දේශපාලන

වශයෙන් අස්ථාවරවීම හ විදේශ අත පෙවිම් වලට ඉඩ කඩ විවෘත කිරිමේ අවධානමක් ඇති හෙයින් සාමකාමි ලෙස කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

නීතිඥ චානක අබේවික‍්‍රම

මධ්‍ය මණ්්ඩල සභික – දේශපේ‍්‍රමි ජාතික පෙරමුණ

2022.05.11

Leave a Reply

Your email address will not be published. Required fields are marked *