සම්මුතිය

සිංහලේ සම්මුතිය
සිංහලේ සම්මුතිය සියලු සිංහලයාට එකඟ විය හැකි සියලු ජාතික බලවේග අවසාන වශයෙන් ඉදිරිපත් කරන අවම කොන්දේසි පිළිබඳව එකඟතාවයි.

  1. සිංහලේ දැනුම පදනම් වු සිංහල බෞද්ධ රාජ්‍යයක්
    ජානමය හා පාරම්පරාව මත පදනම් වු සිංහල බෞද්ධත්වයට වඩා අපි මෙරට ස්වදේශික ජනතාව විසින් ස්වභාවදහම සමග ඒකාත්මිකව පෝෂණය කල දැනුම මත පදනම් වු රාජ්‍යක පැවත්ම අපි විශ්වාශ කරමු.
  2. රාජ්‍යයේ අනන්‍යතාව සිංහලදීප බෞද්ධ ජනරජය විය යුතු බවටත්, බුදුදහම රාජ්‍යයේ ආගම විය යුතු බවත්, දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවත්, සම්බුද්ධ සාසනයේ චිරස්ථ්තිය සහ ජනතා සුබසාධනය පාලකයාගෙ පරම වගකීම විය යුතුබවත් , සිංහලේ රාජකීය කොඩිය රාජ්‍යයේ කොඩිය විය යුතු බවත් අපි පිළිගනිමු.
  3. පාලකයා රාජ්‍යයේ අයිතිකරු නොව භාරකරු විය යුතුය යන පදනම මත සියලු රාජ්‍ය සම්පත් ජනතාව සහ රාජ්‍ය වෙනුවෙන් දැරිය යුතු බවත් සියලු මහජන මුදල් විනිවිද බවකින් පරිහරනය කල යුතු බවත් අපි පිළිගනිමු.
  4. රාජ්‍යයේ අරමුණ සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය ආරක්ෂා කිරිම වන අතර ආණ්ඩුවේ සියලු කටයුතු ඊට අනුකූලව සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව විය යුතු බව අපි පිළිගනිමු.
  5. සිංහල බස රාජ්‍යයේ බසද අධිකරණයේ බස ද විය යුතු අතර අන්‍ය භාෂාවන් කතා කරන ජනතාවට ඔවුන්ගේ බසින් කටයුතු කිරිමට පහසුකම් තිබිය යුතුය.
  6. අපි පක්ෂ දේශපාලනය සහ ආන්ඩු පක්ෂය සහ විපක්ෂය සහිත විසංවාදි දේශපාලනය වෙනුවට සම්මුතිවාදි රාජ්‍ය පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනි සිටිමු. එවැනි පාලන ක්‍රමයක් ඇති කර ගන්නා තෙක් පක්ෂය ජාතික බලවේගයට පහලින් ඇති ජාතික බලවේගයේ දේශපාලන මාධ්‍යයක් පමණක් විය යුතුය.
  7. රටේ සියලුම දෙනාටම බලපාන එකම නීතීයක් තිබිය යුතු අතර එම නීතීය සිංහල බෞද්ධ සම්ප්‍රදාය මත පදනම් ව සකස් වුන මෙරට රාජ නීතීය, ව්‍යාවහාර නීතිය සහ චාරිත්‍ර මත පදනම් ව පෝෂණය විය යුතුය.
  8. සිංහලදීප බෞද්ධ ජනරජය නොබෙදිය හැකි එකීය රාජ්‍යයකි.
  9. ආර්ථිකය ආහාර සුරක්ෂිතබව කේන්ද්‍ර කරගෙන දේශිය කෘෂිකර්මාන්තය , බලශක්ති ස්වාධිපත්‍ය තහවුරු කරන, දේශිය ඛණිජ සහ ස්වභාවික සම්පත් පදනම් වු බැර කර්මාන්ත සහ ආනයන ආදේශන සඳහා ආරක්ෂාව සපයන නිශ්පාදන ආර්ථිකයක් විය යුතු අතර සන්තුෂ්ඨිය පරම අභිලාෂය කර ගත් සමාජ දර්ශනයකින් විය යුතුය.
  10. විදේශ ප්‍රතිපත්තිය ඉන්දියානු සාගරය සහ ලෝක සාමය සඳහා වන නොබැඳි ප්‍රතිපත්තියක් විය යුතු අතර ආරක්ෂක, වෙළඳ ගිවිසුම්, ආයෝජන මෙම විදේශ ප්‍රතිපත්තියය අනුකූල විය යුතුය.සියලු ජාතින්ට ඔවුන්ට අනන්‍ය පාලන ක්‍රමයක් සංස්කෘ තියක් පවත්වාගෙන යෑමට හිමිකම තිබිය යුතුය.